මාලිමාවට සල්ලි පොම්ප කරන්නේ බංග්ලාදේශය වට්ටපු අයමයි…! – මනූෂ නානායක්කාර….

September 1, 2024 at 1:49 pm | by emanisa.lk

ඉතා සාර්ථක ආර්ථික වර්ධනයක් සහිතව ඉදිරියට යමින් සිටි බංග්ලාදේශය මාසයක් ඇතුළත බංකොළොත් රාජ්‍යක් බවට පත් කරන්නට එරට අරගලකරුවෝ සමත්වූ බවත්, ශ්‍රී ලංකාව එම අවසනාවන්ත ඉරණමෙන් අන්තිම පැය විසිහතරේදී බේරා ගන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමත්වූ බවත් විදේශ රැකියා පිළිබඳ ජනාධිපති උපදේශක මනුෂ නානායකකාර පවසයි.

මීට මාස දෙකකට පෙර බංගලිදේශ ආර්ථිකය විනාශ කරන්නට අරමුදල් සැපයූ විදේශීය රටවල් වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණ වැනි දේශපාලන ව්‍යාපාර පිටුපස සිටිය හැකි බව අප අමතක නොකළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

“දැන් ජ.වි.පෙ කැට හොල්ලනවා දැක්කද බස් ස්ටැන්ඩ්වල. නෑ නේද. ගම්වල ඇවිත් ටිකට් විකුණනවාද? නෑ නේද. එතකොට හොහෙන්ද මේ සල්ලි. ගම්වල කාර්යාල දාන්න. හැම රැස්වීමකටම බස් අරගෙන සෙනග ගෙනියන්නේ කොහොමද. ඉස්සර කෑම දුන්නද. නෑ ඒත් දැන් දෙනවා. දැන් එක රැස්වීමකට යනවා එතනින් තව රැස්වීමකට යනවා. ජ.වි.පෙ. සාමාජිකයන්ට රැකියාව බස් එකේ යාම බවට පත්වෙලා තියනවා.

බස් සංගම් කියනවා දවසකට කෝටි ගානක් බස්වලට විතරක් වියදම් කරනවා කියලා. කෝ ඒවට සල්ලි. කවුරු හරු සල්ලි දෙනවා. රට වට්ටන්න බලන් ඉන්න අය තමයි ජ.වි.පෙට සල්ලි දෙන්නේ. ඒ වගේ කණ්ඩායම් තමයි බංගලිදේශය වැට්ටුවේ. අය නිසා තමයි අද බංගලාදේශයේ වැටිලා, නන්නත්තාර වෙලා තියෙන්නේ.

මාලදිවයින වැටෙන්න පටන් ගන්නවා. ඉන්දුනීසියාවේ ආර්ථික අර්බුදයක් ළඟ එනවා. හැබැයි අපේ රට වැටුන තැනින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගොඩ ගත්තා. දැන් ඒක වට්ටන්න්න කවුරු හරි එළියේ ඉඳලා සල්ලි දෙනවා. ඒ සල්ලි තමා මේ වීසී කරන්නේ. ඒ සල්ලි විසි කරන නිසානේ බයිසිකලින් යන්නම් ත්‍රිවිල්ලකින් යන්නම් කියපු හදයෝ දැන් ප්‍රාඩෝ, වී එයිට්වල යන්නේ.”

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා ඇති බොහෝ කරුණු වත්මන් රජය දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවත්, එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට වඩාත් හොඳ හැකියාවක් ඇත්තේ වත්මන් ජනාධිපතිවරයාට බවත් ඔහු එහිදි අවධාරණය කළේය.

ගාල්ල නෙළුව පැවති මහජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *