වෛද්‍යවරයෙකු ලෙස තමන්ට ද විදෙස් රටකට ගොස් ඉහළ වැටුපක් ලැබිය හැකිව තිබුණ ද මේ රට අතහැර නොගියේ රට හදා ගැනීමේ අරමුණ ඇතිව බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.
“මම මේ සිරිකොත කාර්යාලයට මාධ්‍ය හමුවක් සඳහා එන්නේ වසර හතරකට පසුව. කුණාටුවේ තිබුණු අලාභහානි තාම ඉවර කරලා නෑ. මෙවර ඔබ ඡන්දය ලබාදිය යුත්තේ රනිල් වික්‍රමසිංහට නොව තමන්ටමයි. අද ලංකාව ගෙවන්න තියෙන විදේශ ණය වගේ පස් ගුණයක විනාශයක් කළේ ලංකාවට, ඩොලර් මිලියන 200ක පාඩුවක් මේ එල්ටීටීඊ එකයි ජේවීපී එකයි කළේ.
ඡන්ද කිට්ටු වෙනකොට පිටරට ඉන්න අපේ ඉම්පෝටඩ් ශ්‍රී ලංකන් මහත්තුරු එන්න පුළුවන්. ඒගොල්ලෝ අපිට තීන්දු තීරණ දීලා ඇඩ්වයිස් දීලා යනවා. එයාලා ගිහින් රෑට ගෙවල්වල ප්‍රවෘත්ති බල බල “හෙල් ඔෆ් අ තින්ග් හැපන් නෝ” කිය කිය බයිට් කාලා විස්කි බීල නිදා ගන්නවා. ඒ අයියලාට මම කියන්නේ ගිය සැරේ වගේ පෝලිමේ එන්න එපා. ගිය සැරේ කිව්වා අපි අතින් ටිකට් අරගෙන ගෝඨාභයට ඡන්දේ දෙන්න ආවේ කියලා. මේ සැරෙත් ඇවිත් අපිට වැඩේ දීලා යන්න. එතකොට ඔබට පුළුවන් කකා බිබී එහේ ඉන්න.
ඒ නිසා කරුණාකර ඔය එන මහත්තුරු මෙහේ පදිංචි වෙන්න. අපිත් එක්කම එකට පෝලිමේ ඕගොල්ලොත් හිටගන්න. මෙහෙ ඉඳලා ආපහු ආපු රටට යන්න එපා. එනිසා කරුණාකර ඔය මහත්වරු ඔහේට වෙලා ඉන්න. අපි මේ රට හදා ගන්නම්. අපි දොස්තරලා වෙලත් අපිට අඬගහද්දී ගියේ නෑ. මැරි මැරී බෝම්බ කාගෙන වෙඩි කාගෙන කඳුළු ගෑස් කාගෙන අපි මෙතන හිටියේ මේ රට හදාගන්න. ඒ වගේ කට්ටිය මේ රටට හිටියාම ඇති. රට නෙවෙයි පක්ෂ බේරුණාම ඇති කියලා හිතන කට්ටිය ඉන්නවා නම් ඒ ඔළුවේ අමාරුවට බෙහෙත් නෑ.”
අනුර කුමාර දිසානායක වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීම සඳහා මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ට මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකදීය.