මාලිමාණ්ඩුව රටේ ස්වෛරීත්වය නීහින විදිහට ඉන්දියාවට පාවා දුන්නා…! – දයාන් ජයතිලක….

April 15, 2025 at 5:18 pm | by emanisa.lk

අනුර කුමාර දිසානායක ජනාධිපති ඇතුළු මාලිමා ආණ්ඩුව නිහීන ලෙස ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය ඉන්දියාවට පවා දී ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නිත්‍ය නියෝජිත දයාන් ජයතිලක චෝදනා කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දෙන්නේ පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ඇතිකරගත් එකඟතා ගිවිසුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මේ දක්වාම කිසිදු ආකාරයකින් නිල ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි.

එහතේ වාර්තා වන අන්දමට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බරපතළ ලෙස ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය අභියෝගයට ලක් කරමින් ගිවිසුම් කිහිපයකට එළැඹී ඇති බව ද ඔහු සඳහන් කරයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වය යටතේ ක්‍රියාවට නංවා ඇති අඛණ්ඩ් භාරත් ව්‍යාපෘතියට ලංකාවද ඈඳාගෙන ඇති බවත් ඇතිකරගත් ගිවිසුම් අනුව ඉන්දියානු බර අවි කම්හල් ගබඩා සහ හමුදා සෙබළුන් මෙරට ස්ථානගත කිරීමේ සූදානමක් ඇති බවත් ඔහු මෙම සම්මුඛ සාකච්ඡාවේදී වැඩිදුරටත් පෙන්වා දෙයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *