මාලිමාණ්ඩුව දින්නෙත් බොරුවෙන් දුවන්නෙත් බොරවෙන්… මේක මුසාවාදී ආර්ථික ක්‍රමය…! – දිළුම් අමුණුගම….

February 8, 2025 at 2:34 pm | by emanisa.lk

මේ වන විට ලංකාවේ අත්හදා බලමින් ඇත්තේ සමාජවාදී ආර්ථික ක්‍රමය නොව මුසාවාදී ආර්ථික ක්‍රමය බව හිටපු අමාත්‍ය දිළුම් අමුණුගම පවසයි.

දිගින් දිගට ම රටට බොරු කීම නිසා අවසානයේ ඒ බොරු ජනතාව පමණක් නොව බොරු කී අය ද සත්‍ය ලෙස පිළිගන්නා තත්ත්වයට පත්වූ බවයි, ඔහු සඳහන් කළේ.

එම බොරුවලින් ජයග්‍රහණය කළ ආණ්ඩුව දැන් දිනලත් බොරු කියමින් මුසාවාදයෙන් රට ඉදිරියට ගෙන යෑමට උත්සාහ කරමින් ඇතැයි ද දිළුම් අමුණුගම ප්‍රකාශ කරයි.

මීට පෙර ජර්මනියේ මෙම ක්‍රමය අත්හදා බැලුව ද සාර්ථක නොවූ බවත් ලංකාවේ ද එය සාර්ථක වනු ඇතැයි සිතිය නොහැකි බවත් ඔහු අවධාරණය කරයි.

සර්වජන බලවේගය පක්ෂය පොළොන්නරුවේ සංවිධානය කළ උත්සව අවස්ථාවක් අමතමින් හෙතෙම මේ බව කීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *