මාලිමාණ්ඩුව එද්දි විදේශ සංචිත බිලියන 3.2යි… දැන් 6.8යි… අවුරුද්දෙන් ණයට බඩු ගන්න පුළුවන් රටක් හදනවා…! – නි. ඇමති ටී.බී. සරත්…

March 3, 2025 at 12:11 pm | by emanisa.lk

මාලිමාණ්ඩුව බලයට පත්වන විට රටේ විදේශ සංචිත බිලියන 3.2කට හිඳී තිබූ බව නි. අමාත්‍ය ටී.බී. සරත් පවසයි.

මේ වන විට එම සංචිතය බිලියන 6.8 දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වී ඇති බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

එම සංචිතය වසර අවසාන වන විට බිලියන 10ක් කරගතහොත් ලෝකයේ ඕනෑම රටකින් ණයට බඩු ගත හැකි බව ද ටී.බී. සරත් අවධාරණය කරයි.

මේ අවස්ථාවේ රටේ කිසිදු තෙල් හිඟයක් නොමැති බවත් මාස හයකට තෙල් සංචිත ඇති බවත් අනාවරණය කළ නි. ඇමතිවරයා තෙල් ගෙන ඒමට අවශ්‍ය තරම් මුදල් ඇති බව ද සඳහන් කරයි.

උත්සව අවස්ථාවක් අමතමින් නි. ඇමති ටී.බී. සරත් මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *