මාලිමාණ්ඩුවත් මිනිස්සු රවට්ටලා මාස තුනක් බතුයි මසුයි කෑ අන්දරේ වගේ…! – චාමර සම්පත්…

February 6, 2025 at 6:52 pm | by emanisa.lk

අන්දරේ ගල උස්සන බව පවසා ගැමියන්ගෙන් මාස තුනක් හීනටි හාලේ බත් සමග කළුකුන් මස් කෑ බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.

මාස තුන අවසානයේ සියලු දෙනා එක්ව ගල උස්සා කරෙන් තිබ්බොත් අරගෙන යන බව අන්දරේ සඳහන් කළේ යැයි ද හෙතෙම ප්‍රකාශ කරයි.

වර්තමාන ආණ්ඩුව වැඩ කරන්නේ ද ඒ ආකාරයට බවත් අවසානයේ මහින්ද රාජපක්ෂගේ ගේ උස්සගෙන යෑමට ද ජනතාවට සිදුව ඇති බවට චාමර සම්පත් චෝදනා කරයි.

නඩු දමන බවට කරන චෝදනාවලට තමන් බිය නොමැති බවත් හැකි නම් නඩු දමන ලෙසත් ඔහු අමාත්‍ය සමන්ත විද්‍යාරත්නට චෝදනා කළේය.

අද (06) පාර්ලිමේන්තුව අමතමින් චාමර සම්පත් දසනායක මේ බව කීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *