මාලිමාණ්ඩුවට, මාලිමා විපක්ෂේ පාරාවළල්ලක් වෙලා…! – පාඨලී…

December 22, 2024 at 6:31 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුවට බලයට පත්වීමට කී දේවලට සම්පූර්ණ පටහැනි දේවල් කිරීමට සිදුව ඇතැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

රටේ යථාර්ථය යටහා නොගෙන සිදුකළ ප්‍රකාශ ආණ්ඩුවට දැන් පාරාවළල්ලක් වී ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

එහෙයින් වර්තමාන ආණ්ඩුවේ විපක්ෂය බවට පත්ව ඇත්තේ සැප්තැම්බර් 21ට පෙර විපක්ෂයේ සිටි ජනතා විමුක්ති පෙරමුණ ම බව පාඨලී චම්පික සඳහන් කරයි.

ආණ්ඩුව දැන් කළ යුත්තේ 76 වසර ශාපයක් ගැන දොඩවමින් ජනකාන්තවාදී කතා පැවැත්වීම නොව ඇත්ත ප්‍රකාශ කිරීම බව ද තවමත් ආණ්ඩුව එය සිදුකරන බවත් දක්නට නොමැති බව ද ඔහු ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *