සිය ආණ්ඩුවට ඇත්තේ බොත්තමක, බිල බලා ගෙන යෑම හෝ හැරුණු එක වැනි සුලු ප්‍රශ්නයක් බව නිවාස නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මහ බැංකුව කැඩුවා වැනි චෝදනා නොමැති සිය ආණ්ඩුවට පුංචි කෙනිත්තිලිවලින් සෙලවිය නොහැකි බවත් ඉදිරි වසර 15 මේ රට පාලනය කරන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුව බවත් හෙතෙම අවධාරණය කරයි.
මෙවර සිය ආණ්ඩුව ඉදිරිපත් කරන්නේ ඉතිහාසයේ දුප්පත් ජනතාව වෙනුවෙන් සාදන පළමු අයවැය ලේඛනය බව ද ටී.බී. සරත් සඳහන් කරයි.
උත්සව සභාවක් අමතමින් නි. ඇමතිවරයා මේ බව කීය.