මාලදිවයිනට ලංකාවෙන් වැලි විකුණයි…! කියුබ් එකක් රු. 180, 000යි…!

September 14, 2021 at 11:24 am | by emanisa.lk

මාලදිවයිනට ශ්‍රී ලංකාවෙන් පිරිපහදු වැලි ඉතා සුළු ප්‍රමාණයක් වරින්වර අපනයනය කිරීම සඳහා අවසර ලබාදී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ආසන්න වශයෙන් කියුබ් 8ක් පමණ එලෙස අපනයනය කර ඇති බවත් එහි දී පිරිපහදු වැලි කියුබ් 1ක් රුපියල් 180,000ක පමණ මුදලකට අපනයනය කරන බව තහවුරු වී ඇති බවත් එම කාර්යාංශය පෙන්වා දෙයි.

ඒ අනුව මාධ්‍යවල පළවූ ආකාරයට මාලදිවයිනේ දූපත් පිරවීම සඳහා හෝ වෙනත් කරුණක් සඳහා හෝ එම වැලි අපනයනය කිරීමට සිය කාර්යාංශය වෙත ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බවත් එවැනි ආකාරයේ වැලි අපනයන සඳහා බලපත්‍ර නිකුත් කිරීමක් සිදුවී නොමැති බවත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිවේදනයේ දැක්වේ.

එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මාලදිවයින තුළ ඉදිකිරීම් කටයුතුවල නිරත ශ්‍රී ලාංකීය සමාගම්වලට එම ඉදිකිරීම්වලදී ජල තටාක සහ නළ ළිං සඳහා ජල පිරිපහදු කිරීමේ කටයුතු වෙනුවෙන් යොදාගැනීම පිණිස මෙම පිරිපහදු වැලි එලෙස ආනයනය කර ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *