සැෂේ පැකට්, ප්ලාස්ටික් මිටැති කොට්න් බඩ්ස් ඇතුළු ප්ලාස්ටික් භාවිතය මාර්තු 31 සිට තහනම්…!

January 31, 2021 at 3:09 pm | by emanisa.lk

තනි භාවිතය හා කෙටි කාලීන භාවිත ප්ලාස්ටික් තහනම ලබන මාර්තු මස 31 වනදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. ඒ ජාතික පාරිසරික පනතින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීරට පැවරී ඇති බලතල අනුව නිකුත් කළ ප්ලාස්ටික් නියාමනයට අදාළ ගැසට් පත්‍ර දෙකකට අනුව ය.

යම් ක්‍රියාවලියක් හෝ වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා භාවිත කරන කෘෂි රසායන ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා භාවිත කරන පොලිඑතිලීන් ටෙරප්තැලේට් හෙවත් PET හෝ පොලිවයිනයිල් ක්ලෝරයිඩ් හෙවත් PVC ද්‍රව්‍ය සඳහා එම තහනම ක්‍රියාත්මක වෙයි.

එමෙන්ම ආහාර සහ ඖෂධ ඇසුරුම් හැර ශුද්ධ පරිමාව මිලි ලීටර් 20ට හෝ ශුද්ධ බර ග්‍රෑම් 20ට සමාන හෝ ඊට අඩු සැෂේ පැකට් ද මේ අනුව තහනම් කරනු ඇත. බැලුන් බෝල, පිහිනුම් තටාකවලදී භාවිත කරන සෙල්ලම් බඩු සහ දිය මත පාවෙන ජල ක්‍රීඩා උපකරණ හැර හුළංවලින් පිරවිය හැකි සෙල්ලම් බඩු ද තහනම් වෙයි. වෛද්‍ය හා සායනික ප්‍රතිකාර සඳහා භාවිත කරන ප්ලාස්ටික් කොට්න් බඩ්ස් හැර ප්ලාස්ටික් කූර සහිත කෝට්න් බඩ්ස් භාවිතය ද තහනම් ය.

එසේ ම එක් එක් ප්ලාස්ටික් වර්ගය හඳුනා ගැනීම සඳහා යෙදිය යුතු ජාත්‍යන්තර සංකේත ක්‍රමයක් ද හඳුන්වා දී ඇති බව මධ්‍යම අධිකාරිය පවසයි. ප්ලාස්ටික් ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය පහසු කිරීම මඟින් පරිසර දුෂණය අවම කිරීම මෙහි අරමුණය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *