මානුෂීය මෙහෙයුමට නායකත්වය දුන් රණවිරුවන් 58ක් අල්ලන්න සූදානම්! රණවිරු දෙපා මුලටම එන්න පෙරුම් පුරන සජිත්ලාගේ ආණ්ඩුව නිහඬයි!

October 24, 2019 at 8:33 am | by emanisa.lk

වන්නි මෙහෙයුමට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 58 ක් විදේශ රටවලදී අත්අඩංගුවට ගැනීමේ සර්වලෝක නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය රටවල් 47 කින් ඉල්ලා ඇත.

මේ ඉල්ලීමට එරෙහිව ශ්‍රී ලංකා රජය මේ දක්වාම කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නැත. මෙම නිලධාරීන් අතර මේජර් ජෙනරාල්වරු තිදෙනෙක් ද වෙති.

එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්මින් සුකා විසින් කොටි ඩයස්පෝරාවේ ඉල්ලීම මත මේ හමුදා නිලධාරීන්ගේ නම් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබේ.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග පැවසුවේ ඉහතකී නිලධාරීන්ට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය කිසිදු පරීක්‍ෂණයක් නොපවත්වා මෙම ඉල්ලීම කර ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස