මාධ්‍ය මර්දනයට රජය කිසිවක් සිදුකර නෑ….! රිචඩ් ද සොයිසා මරා දැමූ අයගේ කිඹුල් කඳුලු විහිළුවක්….! – බන්දුල….

July 8, 2021 at 7:47 am | by emanisalk

ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය මාධ්‍ය මර්දනයට කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නැතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

එක් පෞද්ගලික රූපවාහිනී නාළිකාවකට එරෙහිව රජය විසින් කටයුතු කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෙළෙඳ අමාත්‍යවරයා මේ බව පැවසීය.

අපක්ෂපාතී මාධ්‍ය වාර්තාකරණය කළ රිචඩ්ද සොයිසා වැනි මාධ්‍යවේදින්ට අද වන තුරුත් සිදු වූ දෙයක් නොමැති බව පෙන්වාදුන් වෙළෙඳ අමාත්‍යවරයා, වත්මන් රජය කිසිදු මාධ්‍ය ආයතනයක් මර්දනය සඳහා කටයුතු කරන්නේ නැති බව සඳහන් කළේය.

රජය, මාධ්‍ය නිදහසට ගරු කරන බවත් ප්‍රබුද්ධ මාධ්‍ය කලාවක් උදෙසා රජය සෑම අවස්ථාවකම ඉඩ ප්‍රස්ථා ලබා දෙන බවත් සඳහන් කළ අමාත්‍යවරයා, කඩා වැටුණු ආර්ථිකයක් නඟා සිටුවීම වෙනුවෙන් කටයුතු කරන ජනාධිපතිවරයාට එරෙහිව දිනපතාම කරන මෙවැනි ප්‍රකාශ, හෙළා දකින බව ද අවධාරණය කළේ ය.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *