මාධ්‍ය නිදහස සුරකින්න ආ යහපාලන ආණ්ඩුව ITN ස්ථාවර තැන්පතුවේ ලක්ෂ 17 000කටත් විදලා!

December 25, 2019 at 11:03 pm | by emanisa.lk

2015 දී මහින්ද රාජපක්ෂ පාලනය කාලය අවසන් වන විට ස්වාධීන රූපවාහිනී ආයතනය සතුව තිබූ රු. ලක්ෂ 25000ක ස්ථාවර තැන්පතුව යහපාලනය ආණ්ඩුව අවසන් වන විට රුපියල් ලක්ෂ 8000 දක්වා පහළ වැටී ඇතැයි රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන අනාවරණය කළේය.

ඒ අනුව වසර 4ක් වැනි කෙටි කාලයක් තුළ ස්වාධීන රූපවාහිනියේ වත්කමක් වූ ස්ථාවර තැන්පතුව රු. ලක්ෂ 17000 කින් අඩුවී තිබේ.

මාධ්‍ය ආයත හා මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව ගැන නිතර නිතර කතා කරන යහපාලන ආණ්ඩුව ඔවුන්ගේ පාලන කාලයේදී කළ විනාශයන් පිළිබඳ තව කරුණු රැසක් ඉදිරියේදී හෙළි කරන බව ද හෙතෙම කීවේය.

මෙම විනාශයට සම්බන්ධ පුද්ගලයන් වත්මන් ආණ්ඩුව බලයට පත් වීමටත් පෙර සේවය අතහැර පළා ගොස් ඇති බව පැවැසු ඇමතිවරයා වැරදි දේ නොකළේ නම් එලෙස පැන යෑමට අවශ්‍ය නැති බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස