මාධ්‍ය ගෙනැත් උත්සව මැද සල්ලි දී අපි පාච්චල් කරලා දේශපාලන වාසි ගන්න හදනවා! අපට උඹලැයි සල්ලි එපා අපේ අම්මලා තාත්තලා දීපල්ලා@- ඇමති ජෝන්ට ජනතා විරෝධය

May 16, 2019 at 9:52 pm | by admin

කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවට ගෙවන වන්දි මුදලේ අවසාන වාරිකය ලබා දීම සඳහා එම වින්දිතයන් කැඳවා උත්සවයක් පවත්වා දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරන්නේ යැයි චෝදනා කරමින් පිරිසක් ඉන් පිටව ගියහ.

මෙම දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් 147 දෙනෙකු මරුමුවට පත්වූ අතර 170 දෙනෙකු තුවාල ලැබූහ. ඔවුන් සඳහා පිළවෙළින් මිලියන 122ක් සහ මිලියන 18.1ක් වූ වාරික මුදලේ අවසන් වාරිකය ගෙවීමට පිරිස කැඳවා තිබිණි.

මෙයට පෙර අදාළ මුදල ජනතාව අපහසුතාවට පත් නොකර පෞද්ගලිකව ලබා දුන් බව පැවසූ පුද්ගලයකු එකී ශෝකජනක සිදුවීම ද දේශපාලන වාසි ලබා ගැනීම සඳහා භාවිත කරන්නේ යැයි චෝදනා කළ අතර මුදල් ලබා දීම මගින් සියල්ල සම්පූර්ණ වේ යැයි දේශපාලකයන් සිතන බවට ද චෝදනා කළේය.

මෙම අවස්ථාව පිළිබඳ ජනතාව නිවැරදි ලෙස දැනුම්වත් නොකිරීම නිසා අපහසුතාවට පත්වූ අතර තවමත් සුව නොවූ රෝගීන් කුලී වාහනවලින් එහි පැමිණ තිබිණි.ජෝන් අමරතුංග, කාවින්ද ජයවර්ධන, රෝස් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් ඒ අවස්ථාවට සහභාගී වී සිටියහ.

මෙයට පෙර මෙම වන්දි මුදල් පෞද්ගලිකව ගෙවීමට හානිපූර්ණ කාර්යාලය කටයුතු කර තිබූ අතර ඒ සඳහා ඇමති ජෝන අමරතුංග සම්බන්ධ වී ඇත්තේ මෙවරය. මාධ්‍ය වෙත ආරාධනා කර ඇත්තේ ද ඔහුගේ අමාත්‍යංශයෙනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *