රංජන් රාමනායක මාදිවෙල නිවාස සංකීර්ණයේ තමන්ගේ අල්ලපු ගෙදර සිටි ඇසුරු කළ යුතු ඇසුරු කළ හැකි හොඳ මනුස්සයෙකු බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසයි.
ඔහු ප්‍රකාශ කළ බොහෝ දේවල් අර්ධ සත්‍ය වන අතර ඇතැම් දේවල් සත්‍ය බවත් ඒවා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළේ නම් කිසිදු ගැටළුවක් මතු නොවන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේ ය. රංජන් රාමනායකගෙන් කිසිවෙකුට වරදක් සිදුව නොමැති බවත් හෙතෙම පෙන්වා දෙයි.
මේ රටේ ඈත ගම් දනව්වල දුප්පත් දරුවන් ලිංගික කර්මාන්තයට ගොදුරු වී ඇති බවත් ඒ පිළිබඳ කතා කිරීමට කිසිවෙකු නොමැති බවත් ඔහු අවධාරණය කළේ ය.
චෛත්‍යයක් පින්තාරු කර, පඩිපෙළක් බැඳ, පාන් තිරයකට ගිනි තබා ලෝකෙන් උතුම් රට ලංකාවයි කී පමණින් බෞද්ධ රටක් බිහි නොවන බවත් ඇමැතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.