මාධ්‍යවේදීන් වෙනුවට ආණ්ඩුව මාධ්‍ය ආයතන පිටින් මරනවා!

February 13, 2019 at 10:31 am | by admin

වර්තමාන ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන බවට සහ ප්‍රජාතන්ත්‍රවාදය වැළලීමට ඉඩ නොදෙන බවට නිතර ප්‍රකාශ කළ ද රනිල් වික්‍රමසිංහ මහතාගේ යහපාලන ආණ්ඩුව තරම් ප්‍රජාතන්ත්‍රවාදය වැළලූ ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ කිසිම දිනක නොපැවති බව ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තීරාණගම මහතා පවසයි.

ජාතික සංවිධාන එකමුතුව මගින් සංවිධානය කළ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු වැඩි දුරටත් මෙසේ කීවේය.
“රනිල් වික්‍රමසිංහ මාධ්‍ය නිදහස ගැන කතා කරනවා. ඒ හැම කතාවක දීම මාධ්‍යයට තර්ජනය කරනවා. ඔහු කියනවා තමන් මාධ්‍යවේදීන් මරන්නේ නෑ කියලා. නමුත් සියලුම මාධ්‍ය වෙත තර්ජනය කරනවා. අනිත් අතට මාධ්‍යයට නිදහසේ ක්‍රියාත්මක වෙන්න බැරි තැනට වැඩ කරනවා. අද පත්තර ගහන්න බැරි තැනට ඇවිත්. පසුගිය කාලේ රිවිර, දිනපතා ලක්බිම වැහුණා. තව පත්තර වැහෙන්න ආසන්නයි. කඩදාසි බදු වැඩි කරලා. පත්තර ගහන්න බැරි තැනට පත් කරලා.”

“ඒ වගේම පසුගිය කාලේ අසන්න ලැබුණා රජයට පක්ෂග්‍රාහී ලෙස පුවත් පළ නොකරන ඇත්ත ඇති සැටියෙන් වාර්තා කරන මාධ්‍යවලට රජයේ දැන්වීම් අත්හිටුවලා කියලා. මෙවැනි කටයුතු මගින් ජනමාධ්‍යවේදීන් නොමරාම මාධ්‍යයේ කට වහලා පාලනය කරන්න පුළුවන්. “

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස