මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස ප්‍රමාණය සීමිත බැවින් එක් නිවසක ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හතර දෙනෙකු බැගින් පදිංචිව සිටින බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිට්නන් සෙල්වරාජ් පවසයි.
“දැන් අපි මන්ත්‍රීවරු 159ක් ඉන්නවා. ගෙවල් තියෙන්නේ සීමිතයි. ඒ නිසා තීන්දුවකට ආවා එක ගෙදරක මන්ත්‍රීවරු 4 දෙනෙක් ඉන්නවා. කාමර තුනක් තියෙනවා, මන්ත්‍රීවරු හතර දෙනෙක් ඉන්නවා.
අපි ටීම් එකක් විදියට වැඩ කරනවා. අපි පෞද්ගලිකව කිසි දෙයක්ම, පෞද්ගලිකව අපි ලොකූ දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒ නිසා පක්ෂය කියන විදියට, තියෙන තත්ත්වය අනුව රජයෙන් ලැබෙන සමහර වරප්‍රසාද අපි භුක්ති විඳිනවා.
ඒකෙන් එකක් තමා නිවාස. ඒකෙන් එක කාමරයක් තියෙනවා මට. අනිත් කාමරවල අපෙ සුදත් බලගල්ල මන්ත්‍රීවරයා ඉන්නවා, ඊළඟට අපෙ දිනිඳු සමන් රත්නායක මන්ත්‍රීවරයා ඉන්නවා, ඊට පස්සෙ රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීතුමාත් ඉන්නවා. අපි ඉතින් සතුටින් ඉන්නවා.”
කිට්නන් සෙල්වරාජ් මේ බව පැවසුවේ සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.