මාතෘභූමියට එරෙහි ද්‍රෝහී කුමන්ත්‍රණයක් දෙමළ කිතිනු පූජකතුමෙක් හෙළි කරයි! (video)

March 10, 2019 at 7:44 am | by admin

එංගලන්ත සභාවේ කුරුණෑගල හිටපු රදගුරු ශාන්ත ෆ්‍රැන්සිස් පියතුමා අපේ රටට එරෙහිව එංගලන්තයේ සිදු වූ ද්‍රෝහී කුමන්ත්‍රණයක් පිළිබඳ රටටම හෙළි කළේය.

එංගලන්තයේ පැවති එක්තරා රහස් හමුවකට ලංකාවෙන් පැමිණි රට පිළිගත් පුද්ගලයකු ලංකාවේ සිංහලයට මිස දෙමළ අයට නිදහස් නැති බව ද බුදු දහම හැර වෙන කිසිම ආගමකට ඉඩ නැති බව ද පවසා තිබේ. එපමණක් නොව කොළඹ නගරයේ දෙදෙනෙකු දෙමළ බසින් කතා කරමින් ගියහොත් ඊළඟ දවසේ ඒ දෙදෙනා අතුරුදන් වන බවට ද අභූත චෝදනා රාශියක් එල්ල කර ඇත.

එතුමා මේ දේශද්‍රෝහී කුමන්ත්‍රණය රටට හෙළි කළා පමණක් නොව අදාළ සභාවේ දී තමන්ගේ මාතෘභූමිය පිළිබඳ ප්‍රකාශ කළ සාවද්‍ය මතවාදවලට එරෙහිව නැඟී සිටියේය.

රට වෙනුවෙන් පෙනී සිටියේය. මේ නිසා එහිමියන්ට බොහෝ කරදර දුක් ගැහැට සහ බොරු නඩුවලට පැටලීමට සිදුව තිබේ. සිය තනතුර අහිමි විය. මේ ඒ සාඩම්බර දේශප්‍රේමි පියතුමා දෙරණ Talk with Chathura වැඩසටහනේ දී ලොවට හෙළි කළ කතාවයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස