මාකඳුරේ මදූෂ්ගේ කළු සල්ලි සුදු කරන රිස්ඛාන් රනිල්ගේ ගජයෙක්! ටැක්සි කොම්පැනිය විවෘත කරන්න ආ රනිල්ට මදූෂ් නිල් මැණිකක් දීලා!

March 4, 2019 at 8:36 am | by admin

වත්තල ප්‍රදේශයේ ටැක්සි ව්‍යාපාරයක් ආරම්භ කළ රිස්ඛාන් නැමැත්නා මාකඳුරේ මධුෂ්ගේ කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපාර පවත්වා ගෙන යන්නෙකු බවට තමන්ට තොරතුරු ලැබී ඇති බව ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති වසන්ත සමරසිංහ අනාවරණය කරයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජබර් රහුමාන්, ඒ.එච්.එම් ෆවුසි වැනි මන්ත්‍රී මන්ත්‍රීවරුන් සමග රිස්ඛාන් සමීප සම්බන්ධතා පවත්වන්නෙකු බවත් ඔහු සඳහන් කරයි.

රිස්ඛාන් නැමැත්තා විසින් පසුගියදා වත්තල ප්‍රදේශයේ ආරම්භ කළ ටැක්සි කම්පැනිය විවෘත කළේ ද රනිල් වික්‍රමසිංහ බවත් මෙහිදී වසන්ත සමරසිංහ හෙළි කළේය. එසේ පැමිණි අගමැතිවරයාට මාකඳුරේ මදූෂ් ඩුබායි සිට එවන ලද නිල් මැණිකක් තෑගි කළ බවත් ඔහු අනාවරණය කරයි.

මාකඳුරේ මධුෂ්ගේ ගොලයෙකු යැයි පැවසෙන මෙම රිස්ඛාන් නැමැත්තා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් වන මුජබර් රහුමාන්, ඒ.එච්.එම් ෆවුසි වැනි මන්ත්‍රීරීවරුන් සමග එකට සිටින ඡායාරූපද තමන් වෙත ලැබී ඇති බවත් මේ සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු දැන ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිරීමට ද තමන් බලාපොරොත්තුවන බවත් ඔහු වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *