මාංචු දාන්න ඕන අත්වල කඹ වගේ පිරිත් නූල්…! – ආචාර්ය මර්වින්ගේ සිල්වාගේ පුත් මාලක…

September 17, 2021 at 1:04 pm | by emanisa.lk

මේ දිනවල මාංචු වැටිය යුතු අත්වල කඹ වැනි පිරිත් නූල් දැකිය හැකි බව මාලක ද සිල්වා පවසයි.

මාලක සිල්වා, 2015 දක්වා පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අමාත්‍ය මර්වින් සිල්වාගේ පුතා ය.

එකල මර්වින් මෙන් ම මාලක ද ඉතා ම ආන්දෝලනාත්මක චරිත විය.

ඔහු සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමන් මේ බව පවසා තිබේ.

එම සටහනට කමෙන්ටුවක් දමමින් මාලක සිල්වා මෙසේ ද කියයි.

“මගේ චරිතය සුදු චරිතයක් ලෙස පෙන්වීමට මම අත් පිරෙන්න පිරිත් නූල් බැඳ නැත…… ඇතම් විට මගේ චරිතය කළු චරිතයක් ලෙස පෙන්වීමට ⁣දේශපාලනික බලපෑම් මත අත්අඩංගුවට ගෙන මාංචු වැටුන ද……. නීතීයේ ස්වාධිපත්‍යය මත නිදහස් විය. ඒ සම්බන්ධව ගෞරවනීය අධිකරණයට හිස නමා ආචාර කරමි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *