ම්ලේච්ඡ ත්‍රස්තවාදයට එරෙහි වූ මුස්ලිම් ජනතාව ඉහළින්ම අගයයි! ත්‍රස්ත කල්ලි ගැන තොරතුරු ලබා දුන් තිදෙනකුට රුපියල් ලක්ෂ දහය බැගින් පිරිනමයි!

May 3, 2019 at 5:54 pm | by admin

පසුගිය දිනවල රටපුරා ක්‍රියාත්මක වූ ඉස්ලාමීය ත්‍රස්තවාදීන් සහ ආයුධ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සඳහා මුස්ලිම් ජනතාවගෙන් විශාල සහයෝගයක් ලැබිණි. එම සහයෝගය නොවන්නට සයින්දමරදු ප්‍රදේශයේදී මරාගෙන මැරුණු ත්‍රස්ත කල්ලිය මේ වන විට තවත් මහ විනාශයක් සිදු කරලන්නට ඉඩ තිබිණි.

එහෙත් ත්‍රස්තවාදීන් සැඟව සිටින ස්ථාන පිළිබඳ ආරක්ෂක අංශ දැනුම්වත් කළ මුස්ලිම් ජනතාව සහ ඒ අනුව කටයුතු කළ ආරක්ෂක අංහ නිසා එම ප්‍රහාර වැළකිනි. ඒ අනුව ත්‍රස්තවාදීන් පිළිබඳ තොරතුරු ලබා දුන් මුස්ලිම් ජාතිකයන් තිදෙනෙකුට රුපියල් ලක්ෂ දහය බැගින් ද එම තොරතුරු යුහුසුළුව ඉහළ නිලධාරීන්ට දැනුම් දී ත්‍රස්ත ප්‍රහාර මැඩලීමට සහ අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ පොලිස් නිලධාරීන් තිදෙනෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් ද ප්‍රදානය කිරීමට කටයුතු කළ බව මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසයි.

එසේම සයින්දමරදු ප්‍රදේශයේ දී ත්‍රස්ත සංවිධානයකට අයත් සාමාජිකයින් පිරිසක් සැඟවී සිටින බවට තොරතුරු ලබාදුන් පොලිස් කොස්තාපල්වරයාට රුපියල් ලක්ෂ පහේ ත්‍යාගය ලබා දීමට අමතරව ඔහු සැරයන් නිලයට උසස් කිරීමට ද කටයුතු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස