ඉන්ධන මිල ඉහළ නැංවීමට ආණ්ඩුව කටයුතු කර තිබේ
ඒ අනුව අද රාත්‍රී 12 සිට බලපැවැත්වෙන සංශෝධිත ඉන්ධන මිල ගණන් මෙසේය.
පෙට්‍රල් 92 ලීටරයක් රු. 177ක් වන අතර පෙට්‍රල් 95 ලීටරයක් රු. 207කි. ඒ අනුව පිළිවෙළින් පෙට්‍රල් රු. 20කින් සහ රු. 23කින් ඉහළ ගොස් ඇත.
ඔටෝ ඩීසල් ලීටරය රු. 121 දක්වා සහ
සුපර් ඩීසල් ලීටරය රු. 159 දක්වා ද ඉහළ නංවා ඇත. ඒ අනුව ඩීසල් මිල පිළිවෙළින් රු. 10කින් හා 15කින් ඉහළ නංවා තිබේ.
භූමිතෙල් ලීටරයක් රු. 87ක් වන අතර එහි මිල රු. 10කින් නංවා ඇත.