මහ රෑ අයාලේ ගිය ක්‍රීිඩකයින්ට වැඩ වරදී…! තරඟ තහනමක් පනවයි…! අද රාත්‍රියේ ම ලංකාවට නැවත කැඳවයි…!

June 28, 2021 at 3:17 pm | by emanisa.lk

එංගලන්ත තරග සංචාරයක නිරතව සිටියදී රාත්‍රී කාලයේ හෝටලයෙන් පිටත රැදී සිටි බවට චෝදනා එල්ල වන කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල අද (28) රාත්‍රී නැවත ශ්‍රී ලංකාවට කැඳවා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා පවසයි.

එම ක්‍රීඩකයා තිදෙනාට ම තාවකාලික තහනමක් පැන වූ බවත් එම තහනම යටතේ විනය පරීක්‍ෂණය පවත්වන බවත් සභාපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *