මහ මැතිවරණය සඳහා ජනාධිපතිවරයා නව දිනයක් ප්‍රකාශයට පත්කරයි!

April 5, 2020 at 9:09 am | by emanisa.lk

දැනට දින නියමයක් නැතිව කල්දමා තිබෙන මහ මැතිවරණය පවත්වන නව දිනය මෙම අප්‍රේල් මස 26 දින අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනාධිපතිවරයා විසින් නැවත ප්‍රකාශ කිරීමට නියමිත බව රජයේ ඉහළ පෙලේ ආරංචි මාර්ග කියයි.

ඊට පෙර ජනාධිපතිවරයා විසින් කොරෝනා රෝග ව්‍යාප්තිය පිළිබඳව ඒවනවිට රටේ තිබෙන තත්ත්වය ගැන වෛද්‍ය විශේෂඥයන්ගෙන් වාර්තාවක් ලබාගනු ඇතැයි දැනගන්නට තිබේ.

මෙලෙස නියම කරනු ලබන දෙවැනි මැතිවරණ දිනයටද මැතිවරණය පවැත්වීමට නොහැකිවුවහොත් ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවර ගැන ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමට නියමිත බව ජනාධිපති කාර්යාලයීය ආරංචි මාර්ග කියයි.

මහමැතිවරණයේ දිනය නියම කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ගිය සඳුදා ජනාධිපති ලේකම්වරයාට විශේෂ ලිපියක් යොමුකරමින් කියා තිබුණේ මහ මැතිවරණය පවත්වන දිනය ගැන දැන්ම ශ්‍රේෂ්ඨාධිකරණමතය විමසන ලෙසය.

අනතුරුව ඒගැන ජනාධිපතිතුමා අවශ්‍ය නීති උපදෙස් ලබාගෙන තිබේ. ඒ අනුව දෙවැනිවරටත් දිනය නියම කොට එම දිනයටද මහ මැතිවරණය පැවැත්විය නොහැකිවුවහොත් පමණක් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසනබව ජනාධිපතිකාර්යාලය මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට මේ සතියේ දැනුම් දුන්නේය.

කෙසේ හෝ පවතින තත්ත්වය ගැන සාකච්ඡාකොට අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට මැතිවරණ කොමිසම මෙම මස 19දා විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස