අගමැති මහින්ද සමග අගමැති සටනට එජාපයෙන් සජිත්! – කිරිඇල්ල

December 16, 2019 at 9:04 am | by emanisa.lk

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ අගමැති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂය සජිත් ප්‍රේමදාස නිර්දේශ කර තිබෙන බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටුව විසින් මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට විපක්ෂ නායකයා ලෙසද පත් කර තිබෙන අතර ඔහු මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් නැවත සිය දේශපාලන මෙහෙයුම ආරම්භ කිරීම කටයුතු යොදා ඇත.

ජනාධිපතිවරණයේ දී තමන්ට සහාය දැක්වූ ජනතාවට ස්තූති කරමින් ඉදිරි දේශපාලන කටයුතු ආරම්භ කිරීමට සජිත් ප්‍රේමදාස සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස