මහ මැතිවරණයට පසු දේශපාලනයෙන් සමුගන්නවා! මෙවර තරඟ කරන්නෙත් නෑ! – රනිල්

December 24, 2019 at 8:53 am | by emanisa.lk

එළඹෙන මහ මැතිවරණයට පසු සිය 43 වසරක දේශපාලන ජීවිතයට සමු දීමට තමා සූදානම් බව එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

එජාපය මෙවර මහ මැතිවරණයට පෙරමුණක් ලෙස ඉදිරපත් වන බව ද එය ජයග්‍රහණය කරවීම සඳහා තමා කැප වුවද මෙතෙක් මෙවර තරඟ කිරීම සඳහා තීරණයක් ගෙන නැතැයි ද හෙතෙම පවසයි.

කොළඹ මාලිගාකන්ද මහබෝධි විහාරාධිපති බානගල උපතිස්ස හිමි බැහැදැකීම සඳහා ගොස් පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදියකු නැඟූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව හෙළිකළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස