මහ බැංකු සහ පෞද්ගලික බැංකු ලොක්කන් ඩොලර් මාෆියාවක….! කළු කඩේ ඩොලරයක් රු. 235 විකිණෙයි…!

July 19, 2021 at 5:57 pm | by emanisa.lk

මහා භාණ්ඩාගාරයෙන් අමතර මුදල් ප්‍රතිපාදන ඉල්ලිමෙන් වළකින්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.

ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය.

ගතවූ කාලයේදී රැකියා විශාල ප්‍රමාණයක් ලබා දී ඇති බැවින් අලුතින් කාර්ය මණ්ඩල බඳවා ගැනීමේ අවශ්‍යතාවක් නැතැයි පවසා ඇති ඇමතිවරයා සිටින කාර්ය මණ්ඩල යොදාගෙන කටයුතු කරගෙන යන ලෙස සඳහන් කරයි.

විදේශ සංචිතවල යම් අඩුවීමක් තිබෙන නමුත් එය කළමනාකරණය කර ගත හැකි මට්ටමක පවතින බව පවසා ඇති ඇමතිවරයා විදේශ සංචිතය ඩොලර් බිලියන 1.2 ට අඩු අවස්ථා පවා තිබුණු බව පැවසුවේ ය.

මහ බැංකුවේ හා පෞද්ගලික බැංකුවල කිහිප දෙනකු එක් වී ඩොලර් මගඩියක් කරගෙන යන බව කී බැසිල් රාජපක්ෂ කළු කඩේ ඩොලරයක මිල රුපියල් 235ක් දක්වා ඉහළ ගියේ ඒ නිසා බව ද පවසා හෙළි කළේය. කළු කඩේ ඩොලරයක මිල මේ වන විට රුපියල් දෙසිය පහළොවක් පමණ දක්වා අඩු වී ඇතැයි ඔහු එහිදී පවසා ඇත

සහල් මිල රුපියල් 20 කින් පමණ අඩු කිරීමට හැකියාව තිබිය දී ව්‍යාපාරිකයන් හතර දෙනකු සහල්වලින් අධික ලාභයක් ලබන බව ද ඇමතිවරයා සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස