මහ බැංකු අධිපති ධූරයෙන් නන්දලාල් ඉවතට…! අගමැති රනිල්ගේ උපදේශක අධිපති පුටුවට…!

June 12, 2022 at 9:48 am | by emanisa.lk

මහ බැංකු අධිපති ලෙස දිනේෂ් වීරක්කොඩි පත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ නිල කාලය මෙම මස අග දී අවසන් වීමට නියමිතය.

දිනේෂ් වීරක්කොඩි අගමැතිවරයාගේ ආර්ථික කටයුතු උපදේශකවරයා මෙන්ම කලක් මෙරට හැටන් නැෂනල් සහ කොමර්ෂල් බැංකුවල සභාපතිවරයකු ලෙස ද කටයුතු කර තිබේ.

නන්දලාල් වීරසිංහ සහ අගමැතිවරයා අතර මත ගැටුමක් ද නිර්මාණය වී ඇති බවට වාර්තා පළ වූ නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විට එය ප්‍රතික්ෂේප කර ඇත.

මෙයට පෙර නන්දලාල් වීරසිංහ වෙනුවට හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමී එම ධූරයට පත් කරන බවට වාර්තා පළ වුව ද කුමාරස්වාමී එය ප්‍රතික්ෂේප කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *