මහ බැංකු අධිපති ධූරයට කවදාවත් දේශපාලකයින් පත්කළේ නෑ…! මහ බැංකු දේශපාලනීකරණය වූ සියලු රටවල් කඩා වැටුණා…! – සමගි ජන බලවේගය…

September 24, 2021 at 5:53 pm | by emanisa.lk

මහ බැංකු අධිපතිවරුන් ලෙස ඉතිහාසය පුරා පත්ව ඇත්තේ දේශපාලනයෙන් තොර පුද්ගලයින් බව සමගි ජන බලවේගය පවසයි.

එහෙත් නව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භක සාමාජිකයෙකු මෙන් ම හිටපු ඇමැතිවරයෙකු බව සමගි ජන බලවේග මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පෙන්වා දෙයි.

මහ බැංකුව දේශපාලනීකරණය වුවහොත් රටේ ආර්ථිකය විනාශ වන බවත් ඔහු අවධාරණය කළේ ය.

ලෝකයේ කිසියම් රටක ආර්ථිකය කඩා වැටී ඇත්නම් ඒ මහ බැංකුව දේශපාලනීකරණය නිසා බව ද රංජිත් මද්දුමබණ්ඩාර අනාවරණය කළේ ය.

විපක්ෂ නායක කාර්යාලයේ අද (24) පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *