මහ බැංකු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප් පින පෑදේ….! අජිත් නිවාඩ් කබ්රාල්ට විශ්‍රාම වැටුප් දෙකක් ම….!

September 6, 2021 at 7:50 am | by emanisa.lk

මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් සඳහා විශ‍්‍රාම වැටුපක් ලබා දීමට, මූල්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙන බව සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. ඒ රාජ්‍ය අමාත්‍ය, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ ඉල්ලීම පරිදි ය.

සාමාන්‍ය රාජ්‍ය සේවකයෙකු විශ‍්‍රාම වැටුපකට හිමිකම් කියන්නේ, ඔහු හෝ ඇය වසර දහයක කාලයක් සේවය සම්පූර්ණ කළහොත් පමණක් වුව ද එම නියමය මහබැංකු අධිපතිවරුන්ට බලනොපායි.

මහ බැංකු අධිපතිවරුන් සඳහා විශ‍්‍රාම වැටුපක් ලබා දෙන ලෙස අජිත් නිවාඞ් කබ්රාල් පසුගිය යහපාලන රජය සමයේ දී අභියානචා කර ඇතත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඊට අනුමැතිය ලබා දී නැති බව වාර්තා වේ.

කෙසේ වෙතත් බැදුම්කර වංචාවට සම්බන්ධ හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වෙත මෙම ප‍්‍රතිලාභය නොලැබීමේ ඉඩ තිබෙන බව ද පුවත්පත වාර්තා කරයි.

අජිත් නිවාඩ් කබ්රාල් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ද වන බැවින් ඔහුට එම විශ‍්‍රාම වැටුපත් මහබැංකු අධිපතිවරයෙකු (2006-2014) ලෙස කටයුතු කර තිබෙන බැවින් ඒ සඳහා වූ විශ‍්‍රාම වැටුප ද යන විශ‍්‍රාම වැටුප් දෙකම ලැබීමට නියමිත ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස