මහ බැංකු අධිපතිට කැබිනට් බලතල…! ලංකාවේ පළමු කැබිනට් බලතල හිමි මහ බැංකු අධිපති කබ්රාල්…!

October 26, 2021 at 10:01 pm | by emanisa.lk

මහ බැංකු අධිපතිවරයාට කැබිනට් අමාත්‍යවරයෙක් හා සමාන තත්ත්වයක් ලබා දීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව මහ බැංකු අධිපති තනතුරට රජයේ තනතුරු ධූරාවලියෙහි 5 වන ස්ථානය ලබා දී තිබේ.

පළමු තැන ජනාධිපතිවරයාට ද දෙවන ස්ථානය අගමැතිවරයා ද හිමි අතර තුන්වන තැන කතානායකයට හිමිය.

සිව්වැනි ස්ථානය අගවිනිනිසුරු වන අතර පස්වැනි ස්ථානයේ විපක්ෂ නායක, කැබිනට් ඇමැතිවරු, ‌ෆීල්ඩ් මාෂල් සහ මහ බැංකු අධිපති සිටියි.

මේ අනුව ලංකාවේ ප්‍රථම කැබිනට් බලතල හිමි මහ බැංකු අධිපතිවරයාට බවට අජිත් නිවාඩ් කබ්රාල් පත්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *