මහ බැංකුව තිබුණේ රවී යටතේ නෙමේ රනිල් යටතේ! – ෆොන්සේකා

March 10, 2020 at 11:37 am | by emanisa.lk

රවි කරුණානායකට සැමදා සැඟවී සිටිය නොහැකි බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඊයේ (08 වැනිදා) පෑලියගොඩ මීගහවත්තේ පැවැති උත්සවයක් අමතමින් මාධ්‍යට ප්‍රකාශ කළේය.

දේශපාලනය කරන්නයි, ජනතාවට නායකත්වය දෙන්නයි, සැඟවී සිටින්නයි මේ තුනම එකවර කරන්න බෑ. දේශපාලනය අතහැරලා හැංගිලා ඉන්න ඕනේ. නැත්නම් එළියට එන්න ඕනේ.

සමහරවිට මේක නාටකයක් වෙන්නත් පුළුවන්. සමහරවිට අපේ සමහරු රාජපක්ෂලා එක්ක ඩීල් යනවනේ.

මහා භාණ්ඩගාරයේ වංචාවක් වී ඇත්නම් පැවැති රජයේ රාජ්‍ය නායකයා, මුදල් ඇමැතිවරයා සහ අගමැතිවරයා වගකිව යුතුයි. බැංකු තිබුණේ අගමැතිවරයා යටතේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස