මහ බැංකුව කොල්ලකද්දි නිදා සිටි පිරිසක් හදිසියේ අවදි වෙලා මුදල් ගැන කතා කරනවා!- කෙහෙළිය රඹුක්වැල්ල

April 28, 2020 at 9:20 am | by emanisa.lk

එදා මහ බැංකුව මහ දවල් මංකොල්ල කන විට නිදිමතින් සේ වැටී සිටි පිරිස් අද එක්වරම සිහිනෙන් අවදි වූවා සේ මුදල් පනත් අනුමත කැර ගැනීමට පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලා සිටීම හාස්‍යයට කරුණක් බව හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරුණු විට ඇතිවන හදිසි අවශ්‍යතාවන්හිදී මුදල් ප්‍රතිපාදන යොදවන ආකාරය ව්‍යවස්ථාවේ පැහැදිලිව සදහන් කැර ඇතැයි ද එසේ තිබියදී පටු පරමාර්ථ වෙනුවෙන් ව්‍යවස්ථාව හෑල්ලුවට ලක් කැර කතා කිරීම කණගාටුවට කරුණක් යැයි ද හෙතෙම පෙන්වා දෙයි.

මහනුවර පිහිටි සිය කාර්යාලයේදී ඊයේ (26) මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති මොහොතක විධායකය සතු බලතල ඔස්සේ හදිසි අවශ්‍යතාවක ක්‍රියා කළ හැකි යැයි ද එසේ නොමැතිව පාර්ලිමේන්තු කැඳවීමක් තුළ කිසිදු පදනමක් නොමැති යැයි ද හෙතෙම පැවසීය. තම පඩි නඩි මෙන්ම විශ්‍රාම වැටුප පිළිබදව පටු අරමුණින් ක්‍රියා කරන දේශපාලනික කණ්ඩායම අද දේශපාලනයේ කුණු කූඩයට වැටී ඇති බවත් ඔවුන් මේ වෙනුවෙන් විවිධ තර්ක ඉදිරිපත් කැර තම අරමුණු වෙනුවෙන් උත්සාහ කරන බවත් රඹුක්වැල්ල කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස