මහ ඡන්දෙට අනුරාධපුරෙන් ජවිපෙට අසුනක්! ලාල් කපා ගෙන කොළඹ සිටි අනුර අනුරපුරට පනී!

March 3, 2020 at 12:37 pm | by emanisa.lk

එළඹෙන මහ මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අසුනක් ලැබීමට යම් ඉඩක් ඇතැයි ජවිපෙ අභ්‍යන්තර සාකච්ඡාවල දී සංවාදයට ලක්ව තිබේ.

මේ සමගම මෙතෙක් කොළඹින් තරඟ වැදීමේ සූදානමක සිටි පක්ෂ නායක අනුර දිසානායක තමන්ට අනුරාධපුරෙන් තරඟ කිරීමට අවශ්‍ය බව පවසා තිබේ.

ඒ අනුව මෙතෙක් අනුරාධපුරෙන් තරඟ වැදීමට සැලසුම් කරගෙන සිටි කේ.ඩී. ලාල්කාන්තට එම අවස්ථාව අහිමි වනු ඇත.

කෙසේ වුවද එජාපය දෙකට බෙදී මැතිවරණයට ඉදිරිපත් වුවහොත් ජවිපෙ සියලු දිස්ත්‍රික්කවල 4 වෙනි ස්ථානයට ඇද වැටෙනු ඇති අතර ඔවුන්ට කිසිදු අසුනක් නොලැබී තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි තවත් පාර්ශ්ව විසින් පෙන්වා දී තිබේ.

අනුර දිසානායක කොළඹ වෙනුවට අනුරාධපුරය තෝරා ගැනීමට හේතු වී ඇත්තේ මේ සමග මතුව ඇති අවධානම් තත්ත්වයයි. එමගින් ලාල් කාන්ත තව දුරටත් පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්වීම ද අනුර දිසානායකගේ සැලසුම වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස