මහ කන්නයේ සහල් ටොන් ලක්ෂ 31ක් ලැබිලා! ඩඩ්ලි හාල් නෑ කියන්නේ මෝල්කාරයෝ එක්ක ටොන් 15ක් හංගලා! 

June 14, 2020 at 2:24 pm | by emanisa.lk

පොළොන්නරුවේ පිහිටි මහා පරිමාණ මෝල් හිමියන් හය දෙනකු ළඟ වී මෙට්‍රික් ටොන් ලක්ෂ පහළොවකට වඩා සඟවාගෙන ඇති බව එම මෝල්වල සේවය කරන සේවක ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

දේශපාලන සබඳතා ඇති ප්‍රධාන මෝල් තුනක වී මෙට්‍රික් ටොන් ලක්ෂ හතර බැගින් මෙට්‍රික් ටොන් ලක්ෂ දොළහකට වඩා තිබේ.

එම සහල් මෝල්වලට වඩා සුළු ධාරිතාවකින් වෙනස්වන තවත් මහා පරිමාණ මෝල් තුනක මෙට්‍රික් ටොන් ලක්ෂය බැගින් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනකට වඩා ඇති බව අප කළ ගවේෂණයේදී හෙළි කර ගැනීමට හැකි විය.

කෙසේ වෙතත් පසුගිය මහ කන්නයේ අස්වැන්නට ප්‍රකට සහල් මෝල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන අභියෝග කිරීමෙන් පසු කෘෂිකර්ම අමාත්‍යාංශය ක්ෂණයෙන් යළි මහ කන්නයේ අස්වැන්න ගණනය කර තිබේ. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වීරකෝන් පැවසුවේ පසුගිය මහ කන්නයේ අපේක්ෂිත අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ අඩු වී ඇති බවයි.

ඒ අනුව පසුගිය මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 31 ක අස්වැන්නක් අනිවාර්යයෙන්ම ලැබී ඇත. ඉන් 72%ක් නාඩු වන අතර සම්බා 13%ක්ද, කීරි සම්බා12%ක්ද වෙනත් වී වර්ග (පැරණි හා නව ප්‍රභේද) 3%ක් වශයෙන් අස්වැන්න ලැබී තිබේ. පසුගිය මහ කන්නයේ වී වර්ග හැටක් පමණ ගොවීන් වගාකර ඇත. ඒ අනුව මහ කන්නයේ අස්වැන්නෙන් භාගයක් මෙම ප්‍රධාන මෝල් හය දෙනා ළඟ තිබේ.

කෙසේ වෙතත් පසුගිය මහ කන්නයේ ප්‍රධාන මෝල් හිමියන් රජයේ පාලන මිලෙන් බැහැරව වී කිලෝව රුපියල් 40-44 ක මිලකට ගත් අතර නව සහල් මිල වන නාඩු කිලෝව රුපියල් අනූහයත්, සම්බා රුපියල් අනූ අටක්ද, කීරි සම්බා සහල් කිලෝව රුපියල් එකසිය විසිපහකට අලෙවි කිරීමෙන් නාඩු කිලෝවෙන් රුපියල් හයක්ද සම්බා කිලෝවෙන් රුපියල් අටක්ද, කීරි සම්බා කිලෝවකින් රුපියල් 20 කට වැඩි ලාභයක් ලැබෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස