මහියංගණයේ මාරක රිය අනතුරක්! වෑන් රියේ ගමන්ගත් 12 දෙනා අතරින් දහ දෙනෙක් මරුට!

April 17, 2019 at 7:03 am | by admin

මහියංගනය-බදුල්ල මාර්ගයේ මහියංගණය මහා විද්‍යාලය ඉදිරියේදි අද (17) අලුයම 1.30 ට පමණ වෑන් රථයක් හා බස් රථයක් ගැටී සිදුවූ අනතුරකින් වෑන්රථයේ ගමන් කළ පුද්ගලයන් 12 දෙනාගෙන් 10 දෙනෙක් මියගොස් ඉතිරි දෙදෙනා බරපතළ තුවාල ලබා ඇතැයි මහියංගනය පොලිසිය පවසයි.

වැඩිහිටියන් 7 දෙනෙක් හා ළමුන් තිදෙනෙක් මෙසේ මරණයට පත්ව ඇති අතර මළසිරුරු මහියංගන මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

වෑන් රථයේ රියදුරා නින්ද ගොස් රථය මාර්ගයේ වැරැදි මං තිරුවට ධාවනය වීම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස