මහින්ද හැදූ ආර්ථිකය සම්පූර්ණයෙන් විනාශ කළේ බැඳුම්කර හොරු….! රට අදටත් ඒ වෙනුවෙන් වන්දි ගෙවනවා…! – ඩඩ්ලි සිරිසේන..

April 6, 2021 at 1:09 pm | by emanisa.lk

මේ රටේ ආර්ථික පදනම 99%කින් කඩා වැටුණේ යහපාලන මහ බැංකු වංචාව නිසා බව සුප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි.

මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේනට රට භාර දෙන විට තමා ගෙවූ පොලී අනුපාතය 7.75%ක් බව ද ඔහු සඳහන් කරයි.

එහෙත් මහ බැංකු වංචාව සමඟ එම පොලී අනුපාතය 14% දක්වා ඉහළ ගිය බව ඩඩ්ලි සිරිසේන පවසයි.

අද වන තුරුත් එදා මහින්ද රාජපක්ෂ සමයේ පැවැති පොලී අනුපාතයට රට ගෙන ඒමට නොහැකි වී ඇති බව ද හෙතෙම පෙන්වා දෙයි.

හිරු සලකුණ වැඩසටහනට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *