ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයෙන් ඉවත් වීමට තමන් සූදානම් බවත් නායකත්වයට සුදුසු අය ඕනෑ තරම් පක්ෂයට සිටින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
ඔබතුමා ගැන මේ සමාජ මාධ්‍ය ජාලවල කියනවා අසනීපයි කියලා ?
“පේනවා නේද අසනීපයිද, නැද්ද කියලා මට ? ඕවා ඔහොම තමයි. ඒවා ඉතින් ගණං ගන්න නරකයි”
දැන් ඔබතුමාලාගේ පක්ෂයේ ඉදිරි වැඩකටයුතු මොන ආකාරයෙන්ද කරන්න යන්නේ ? පොහොට්ටුවේ නායකත්වය ගන්න ඉන්නේ ඔබතුමාමද ?
“නෑ, නෑ … පොහොට්ටුවේ නායකත්වයට ඕනෙ තරම් ඉන්නවා කට්ටිය. මම විතරක් නෙවෙයි. නායකත්වයට අලුතින් හදන්න ඕනෙ කට්ටිය. හැමදාම අපි ඉඳලා බැහැනෙ”
ඒ කියන්නෙ මෙවර පොහොට්ටුවේ නායකත්වයට තරුණ කෙනෙක්ද පත් කරන්න හිතන් ඉන්නෙ ?
“පුළුවන් තරම් තරුණ එක්කෙනෙක් තමයි”
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (29) කැලණි රජමහා විහාරය වැඳපුදා ගැනීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමිනි.