මහින්ද සමරසිංහ මන්ත්‍රී ධූරයෙන් අස්ව ඇමරිකානු තානාපති ධූරයට…!

September 18, 2021 at 12:48 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ එම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

ඔහු ඇමෙරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්වීමට නියමිත හෙයින් මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.

මහින්ද සමරසිංහ මෙයට ශ්‍රී ලංකාවේ පෙර විදේශ ඇමතිවරයකු ලෙස ද කලක් කටයුතු කළේය.

2020 වසරේ මෙතෙක් ඇමරිකානු තානාපති ලෙස කටයුතු කළ රවිනාථ ආර්යසිංහ සිය 60 වන විය සැපිරීමත් සමඟ ම පසුගියදා විශ්‍රාම ගියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *