මහින්ද සමග නැවත සාකච්ඡා කරන්නැයි ජනපතිට ඉල්ලීම්…!

July 31, 2024 at 6:31 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග නැවත සාකච්ඡා කර පොදුජන පෙරමුණේ සම්පූර්ණ සහයෝගය ලබා ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ ඉල්ලා තිබේ.

ජනාධිපතිවරයා පෞද්ගලිකව අමතා මෙම ඉල්ලීම කළ බවයි, නියෝජ්‍ය කතානායකවරයා ප්‍රකාශ කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය ස්ථිර වුව ද මහින්ද රාජපක්ෂ මහතාගේ සහයෝගය ලබාගතහොත් එම ජයග්‍රහණය විජයග්‍රහණයක් වනු ඇති බවයි, අජිත් රාජපක්ෂ අවධාරණය කොට ඇත්තේ.

මෙය තමන්ගේ පමණක් නොව තවත් පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් පිරිසකගේ ද අදහස බව නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *