මහින්ද විතරක් ගිහින් මදි…! වහා ම ගෝඨාභයත් යනු..! පාර්ලිමේන්තුව විසිරුවනු..! – සුමන්දිරන්….

May 28, 2022 at 4:51 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වහාම ඉල්ලා අස්විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසයි.

රටේ වත්මන් තත්ත්වයට වගකිවයුත්තන් එම තනතුරුවල සිටිය දී අගමැතිකම පමණක් වෙනස් කිරීමෙන් දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවන බව හෙතෙම අවධාරණය කළේය.

පවතින අර්බුද විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැර නැවත පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන ලෙස ද එම පක්ෂය ඉල්ලා සිටියේය.

අග්‍රාමාත්‍ය ධූරයේ පුද්ගලයා වෙනස් කළ පමණින් පවතින තත්ත්වය වෙනස් නොවන බවත් ජාත්‍යන්තර ප්‍රජාව විශ්වාස නොකරන බව ද ඔහු පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *