හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ රටේ තිස් වසරක යුද්ධය නිමා කොට ජනතාව අතර කීර්තියක් දිනාගත් නායකයෙකු බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂගේ එම ජනප්‍රියත්වය පාවිච්චි කරමින් යම් යම් කණ්ඩායම් බලය ලබා ගැනීමට උත්සාහ කරන බවයි.
කෙසේ වුව ද බලය ලබා ගැනීමෙන් අනතුරුව ඔහු පැත්තකට කර අත්තනෝමතික ලෙස රට පාලනය කිරීමට එම කණ්ඩායම් කටයුතු කළ බවට ද උදය ගම්මන්පිල චෝදනා කළේය.
ගුවන්විදුලි නාළිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හිටපු ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.