මහින්ද රකින්න ආ පිරිසට අතරමග දී ප්‍රහාර…! නිවාස සහ වාහනවලටත් ප්‍රහාර…!

May 9, 2022 at 5:09 pm | by emanisa.lk

දිවයිනේ නගර රැසක දී දේශපාලානඥයින් ගමන් ගත් මෝටර් රථවලට සහ ප්‍රදේශීය දේශපලනඥයන්ගේ නිවෙස්වලට ගිනි තබා ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්තා වෙයි.

නිට්ටඹුව, කඩවත, මිනුවන්ගොඩ ආදි ප්‍රදේශවලදී බස්වලට සහ සුඛෝපභෝගී මෝටර් රථවලට පහර දී හානි සිදු කර ඇත.

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සභාපති සහ මොරටුව නගර සභා සභාපතිගේ නිවෙස්වලට කිසියම් පිරිසක් ගිනි තබා ඇතැයි වාර්තා වෙයි

නගරාධිපතිවරයාගේ නිවසේ ගින්න නිවීමට ආ ගිනි නිවන රථවලට ද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වි ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *