මහින්ද මෛත්‍රී ජනාධිපතිවරණයට එක් අපේක්ෂකයෙක් ගෙන ආ යුතුයි! – ශ්‍රීලනිපය

March 10, 2019 at 1:37 pm | by admin

ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනිමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ එක්ව අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.

හම්බන්තොට ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජන හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මහ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මෛත්‍රී – මහින්ද එකමුතුවකින් තොරව ප්‍රබල බලවේගයක් ගොඩනැගිය නොහැකි බවය.

කෙසේ වුවද පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසන්නේ එළඹෙන ජනාධිපතිවරණයේ දී තම පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කර ජය ගන්නා බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *