ශ්‍රී ලංකා පොලිසිය හොරෙකු ආරක්ෂා කරන අතර තමා වැනි නීතීඥයින් පුරවැසියන් ආරක්ෂා කරන බව නීතීඥ නිරූපා සේරසිංහ පවසයි.
පසුගිය මැතිවරණයේ දී ජාතික ජනබලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කළ සේරසිංහ මේ බව ප්‍රකාශ කළ කොළඹ ජනාධිපති මන්දිර පිවිසුම් මාර්ගයේ මාර්ග බාධකයක් අසලදීය.
ජනතාව ගෑස්, පෙට්‍රල්, ඩීසල් පෝලිම්වලට හුරු වෙමින් සියලු දුෂ්කරතා විඳ දරා ගනිමින් නිහඬ සිටීම පුදුම සහගත බව ද ඇය ප්‍රකාශ කළාය. තමන්ට තවමත් හොඳට කා බී ගෙදරට වී සිටිය හැකි වුවත් බහුතර ජනතාවට එය කළ නොහැකි බවයි, ඈ පෙන්වා දුන්නේ.
මෙලෙස පීඩනයට හුරු වෙමින් නොසිට පාරට බැස රාජපක්ෂ ආණ්ඩුව පරාජය කළ යුතු බවත් නොඑසේ නම් රාජපක්ෂලා ඊළඟ පරම්පරාව ද රවටන බවත් නිරූපා සේරසිංහ අවධාරණය කරයි.
ඊයේ මුළු රට ම එක රාජපක්ෂ කෙනෙකුගේ මරණය අපේක්ෂාවෙන් සිටි බවත් ආර්. ප්‍රේමදාසටවත් ජනතාව මෙලෙස නොසැලකූ බවත් ඇය සිහිපත් කළාය.