මහින්ද මන්ත්‍රීකමට ආයුබොවන් කියා තානාපතිකමට ඇමරිකාවට යයි..!

November 23, 2021 at 2:23 pm | by emanisalk

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරය බාරගැනීම සඳහා මන්ත්‍රී ධූරයෙන් ඉවත්වී ලබන 29 වැනිදා  එරට බලා  පිටත්ව යන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද සමරසිංහ පාර්ලිමේන්තුවේදී අද (23) පැවැසීය.

තමා එහි යන්නේ රටට සේවයක් කිරීමට බව ද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ජනාධිපති, අගමැති කාර්යාලය  ඇතුළු ආයතන 25 ක වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරය බාර ගන්නැයි  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තමාගෙන් ඉල්ලීමක් කළ බවත්  තමා එම ඉල්ලීම  බාරගත් බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඇමරිකාව සමග  සුහදත්වයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් බව පැවසූ මහින්ද සමරසිංහ, මෙරට කරන වැඩ කොටස  ඒ අය දැනුම්වත් කළ  යුතු බවද  සඳහන් කළේය.

තමා පාර්ලිමේන්තුවට  පත්කළ  කළුතර  දිස්ත්‍රික්කයේ ජනතාවට ස්තූතිවන්ත වන බව ද සඳහන් කළේය

තමා ඉවත් වන්නේ මේ පාර්ලිමේන්තුවට එක දිගට වසර විසි හතක් සේවය කර බවද  ඔහු කිවේය.

තමා දේශපාලනයෙන් කිසි විටෙකත් ඉවත් නොවන බවත්  මවුබිමට යළි පැමිණ දේශපාලනය කිරීමට  බලාපොරොත්තු වන බවත්  හෙතෙම පැවසුවේය.

කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට ඉදිරියටත් නායකත්වය ලබාදෙන බව ද  මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස