මහින්ද පැමිණි කළුතර සභාවක වෙල්ගම දෙවන පෙළට ඇද දමයි! සමන් ඒකනායක කවියෙන් වෙල්ගමට තලයි! සභාව අතරමැද වෙල්ගම පළා යයි!

June 30, 2019 at 3:26 pm | by emanisa.lk

නිදහස් කලා සන්ධානයේ වාර්ෂික සංවත්සරය පසුගිය දා පානදුර ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ හෝටලයකදී පැවත්වුණේ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

කළුතර දිස්ත‍්‍රික්කයේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා වන කුමාර වෙල්ගම මහතාට සංවත්සර සභාව ඇමතීමට වේලාවක් වෙන් කර තිබුණද මහින්ද රාජපක්ෂ මහතාගේ දැනුම් දීමක් මත එය ඉවත් කර තිබිනි.

ඒ වෙනුවට එම දිස්ත‍්‍රිකකයේම මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට සභාව ඇමතීමට වේලාවක් ලබා දී තිබින.

වෙල්ගම මහතා පැමිණි පසු ඔහුට ඉදිරිපෙල අසුනක් ලබා දීමට සංවිධායකයන් කටයුතු කර නැති වෙනදා මහින්ද රාජපක්ෂ මහතා ළඟින්ම අසුන් ගන්නා වෙල්කම මහතා දෙවැනි පේලියේ අසුන් ගැනීමට සිදුව තිබින.

රංගන ශිල්පී සමන් ඒකනායක මහතා විසින් කවියෙන් සභාව අමතද්දී ‘ගෝඨාභය කින නම කියන විටත් බය අය’ යයි උපහාසාත්මක වැකිද එක් කරන ලදී.

කෙසේවෙතත් වැඩසටහන අවසන් වන්නට පෙර වෙල්ගම මහතා එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇතැයිද වාර්තා වේ.

කුමාර වෙල්ගම මහතා සහ විසින් මේ දිනවල ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කරමින් දැඩි විවේචන කරමින් සිටින අතර එනිසාම ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහයෝගය දක්වන මන්ත්‍රීවරුන්ගේ දැඩි දෝෂ දර්ශණයටද ලක්ව සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස