මහින්ද නාමල් ජොනී ඇතුළු 17කට රටින් පිටවීම තහනම්…!

May 12, 2022 at 4:48 pm | by emanisa.lk

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ, සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 17 කට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝගයක් නිකුත් කළේය.

පවිත්‍රා වන්නිආරච්චි, සංජීව එදිරිමාන්න, කංචන ජයරත්න, රෝහිත අබේගුණවර්ධන, සී.බී. රත්නායක, සම්පත් අතුකෝරළ, රේණුක පෙරේරා, නිශාන්ත ජයසිංහ, අමිත අබේවික්‍රම, පුෂ්පලාල් කුමාරසිරි, මහින්ද කහඳගම, දුලිප් පෙරේරා සෙසු පිරිස වෙති.

පසුගියදා අගමැති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතා අට්ටාල කඩා දමා එහි සිටි පිරිසට පහර දීමේ චෝදනාව මත මෙම නියෝගය නිකුත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *