මහින්ද නාමය ඉතිහාසේ රන් අකුරින් ලියවෙනවා..! – වාසු හේතු හෙළි කරයි…

January 8, 2022 at 11:10 am | by emanisa.lk

අගමැති මහින්ද රාජපක්ෂ නාමය ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

“අග්‍රාමාත්‍යතුමාගේ නම මේ රටේ ඉතිහාසයේ රන් අකුරින් ලියැවීමට හේතුවන කාරණා ගණනාවක් තිබෙනවා. ඉතාමත් දුප්පත් පීඩිත ජනයා අතරට ගිහිල්ලා ඔවුන්ගේ දුක සැප විමසා ඔවුන් වෙනුවෙන් මේ රටේ නොයෙක් නීති සම්පාදනය කරමින් මේ රටේ ජනතාව වෙනුවෙන් සෙත සැලසූ, ඒ වගේ ම මේ රටේ ජාතික උරුමය, ජාතික නිදහස රැකගන්න එතුමා දුන් නායකත්වය, මීට අමතරව මේ රටේ ජාතික හැඟීම් පුබුදුවන්න එතුමා අපිට දුන් නායකත්වය. මේ සියල්ලෙන්ම එතුමාගේ නම රන් අකුරෙන් ලියැවෙන නමක් හැටියට ඉතිහාසයට එකතු වේවි.

මේ අවුරුදු දෙක මේ රටේ ඉතා ම දුෂ්කර කාලයක්. මේ වගේ දුෂ්කර කාලයක් මේ රටේ ඉතිහාසයේ මතක ඇති කාලෙක තිබිල නැහැ. ඒ නිසා අපට මේ වසරේ අලුත් ගමනක ආරම්භයක් තිබෙන්නේ. අපේ රටේ පොදු ජනතාවට ඇති බලපෑම් හැම එකකම පීඩනය අවම කිරීමට, පීඩනය තුරන් කිරීමට මේ රටේ වැඩ කරන ජනතාවට ගොවි ජනතාවට ඔවුන්ගේ බලාපොරොත්තුවන සහනය ඔවුන් බලාපොරොත්තුවන ඔවුන්ගේ ජයග්‍රහණය මේ වසරේ අපිට ලබා දෙන්නට හැකිවේ යැයි විශ්වාස කරනවා. අපේ අගමැතිතුමාගේ නායකත්වයෙන් අපිට තවත් පිම්මක් ඉදිරියට යන්න හැකිවේවා! යැයි ප්‍රාර්ථනා කරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස