මහින්ද උදෑසනම පාසල් යයි! ගුරු සිසු පිරිස් දිරිමත් කරයි! ළමෝ මහින්දට වඳිති!

May 21, 2019 at 12:58 pm | by admin

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කොළඹ හා ඒ අවට පිහිටි තර්ස්ටන්, රාජකීය, විශාකා, හින්දු විද්‍යාලය, ආනන්ද, නාලන්ද, ගෝතමී යන පාසල්වලට ගොස් පාසල් ළමුන්, දෙමාපියන්, ගුරුවරුන් හා විදුහල්පතිවරුන් හා ආරක්‍ෂක නිලධාරීන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් පාසල් හා ඒ අවට ආරක්‍ෂක තත්වයන් සොයා බැලීමට කටයුතු කළේය.

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ද සිය මැතිවරණ කොට්ඨාශවල පාසල් වෙත ගොස් දරුවන් දෙමාපියන් ගුරුවරුන් මුණ ගැසී දරුවන්ගේ පාසල් පැමිණීම දිරිමත් කරන ලෙස විපක්ෂ නායකවරයා පසුගියදා දැනුම් දී තිබිණි. විපක්ෂ නායකවරයා කොළඹ පාසල් කිහිපයකට ගියේ එම වැඩසටහනට සමගාමීවවය.

කෙසේ වුවද එජාප මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි පවසන්නේ ළමුන් පාසල් නොපැමිණියේ සහරාන් නිසා නොව විපක්ෂයේ බිය වැද්දීම් නිසා බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *